කලුඅග්ගල
පන්සලේ හාමුදුරුවන්ගෙන් අත්පොත තැබු කුඩා පිලිප් ගුණවර්ධන ප්‍රාථමික
අධ්‍යාපනය තම පියා විසින්ම තනවන ලද කලුඅග්ගල සිද්ධාර්ථ බෞද්ධ මිශ්‍ර
පාසැලෙන් ලබාගත්තේය. ඉන්පසු වේල්ස් කුමාර විදුහලටද වැඩිපදුර අධ්‍යපනය සඳහා
කොළඹ ආනන්ද මහා විද්‍යාලයටද ඇතුලු විය. මේ කාලයේදී රුසියාවේ ඔක්තෝබර්
විප්ලවය සිදුවුණු කාලයයි. 1922 දී ඔහු ඇමරිකාවට යාමත් එතැනින් එංගලන්තයටත්
පිටත් විය. එහිදි මුලින්ම “සමාජ වාදය“ පැතිරි නව මත සමුදායට අධ්‍යනයය
කිරීමේ අවස්ථාවට මග පෑදිණි.
1932
නොවැම්බර් 1 වන දින පිලිප් ගුණවර්ධන ලංකාවට පැමිණියේය. එකල ඔහුට ලාංකීය
සමාජය අනුව එය අනිවාර්යයෙන්ම වෙනස් කළ යුතුව පැවති බවට ඔහුට හැඟුණේය.
ලංකාවට පැමිණිමෙන් පසුව ඔහු විසින් පවත්වන ලද ප්‍රථම දේශනය නම්කර තිබුනේ
“පිටරට සමාජවාදය“ යන්නයි. එය පැවැත්වූයේ කොළඹ තරුණ බෞද්ධ සමිති ශාලාවේදීය.
1935 වසරේදී පිලිප් ගුණවර්ධන ඇතුළු තරුණ කණ්ඩායම විසින් ලංකා සම සමාජ පක්ෂය
පිහිටුවන ලදි. පසුව 1937 දී දෙවැනි රාජ්‍ය මණ්ත්‍රන සභා මැතිවරණයේද
අවිස්සාවේල්ල මන්ත්‍රීවරයා වශයෙන් පිලිප් ගුණවර්ධනයන් තෝරා පත්කර ගත්තේය.
1940
ජුනි 18 වනදා ඉංග්‍රිසි ආණ්ඩුව විසින් සම සමාජ පක්ෂය තහනම් කරන ලදි.
පිලිප් ගුණවර්ධන ඇතුලු කණඩායාම බෝගම්බර සිර කරනු ලැබීය. පසුව 1942
අප්‍රියෙල් 7 වනදා උපක්‍රමශීලි ලෙස ඔවුහු සිරගෙදරින් පැන ගියහ. ඉන්පසු
පිලිප් ගුණවර්ධන ඇතුළු පිරිසි දුටු තැන ඇල්ලීමට වරෙන්තු නිකුත් කරන ලදි.
පසුව ඔහු ඉන්දියාව බලා ගියේය.
සමස්ථ
ලංකා ගොවි සම්මේලනය නම් ගොවි සංවිධානයක් ආරම්භ කිරිමට දිරිදුන් පිලිප්
ගුණවර්ධන ගොවි ජනයා අවදි කොට බලවත් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කළේය. ඉන්පසු
ශ්‍රි ලංකාවේ ප්‍රබලතම දේශපාලන පක්ෂය ලංකා සම සම සමාජ පක්ෂය විය.
- සීතාවක උරුමය (ග්‍රන්ථ)
- පාර්ලිමේන්තු ක්‍රමයද ? සමාජවාදයද ? (1970)
- 1958 ජුලි 1 වනදා වරාය ජනසතු කිරීම හෙවත් වරාය සංයුක්ත මණ්ඩලය නමින් මණඩලයක් පිහිටුවන ලදි.
- 1958 ජනවාරි 1 වනදා බස් ජනසතු කිරීම.
- මහජන බැංකුව පිහිටුවීම
- කුබුරු පණත ගෙන ඒම
- විද්‍යාලංකාර පිරිවෙන නඟා සිටුවීමට ක්‍රියා කිරිම
No comments:
Post a Comment