සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ
කොලොන්න ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ඇඹිලිපිටිය සුරියකන්ද මහා
මාර්ගයේ 14 වන සැතපුම් කණුව ආසන්නයේ රමණීය පරිසරයක මඩුවන්වෙල වලව්ව පිහිටා
ඇත. වලව්ව පිහිටි ඉඩම අක්කර 20 ක පමණ විශාල භූමි භාගයකි. නොයෙක් වටිනා
තුරුලතාවලින් පිරි අලංකෘත උද්‍යානය වලව්ව අවට සුන්දරත්වය ඉස්මතු කරයි.
පවුරු තුනකින් අලංකාර වු මඩුවන්වෙල වලව්වේ පිටත පවුර ශක්තිමත් කළු ගලින්
නිමවා ඇත. එහි ඇතුළුවන දොරටුව "ගල් උළුවස්ස" නම්වේ. දොරටුව දෙපස මනරම්
ලියවැල්ද ඒ මත මකර තොරණක
හැඩයට ගල් ආරුක්කුවක්ද දක්නට ලැබේ. තොරණ දෙපස කැටයම් කළ නෙළුම් පොහොට්ටු
දෙකක් ඇත. පෙර කළ ඒ අසල පුන් කලස් තුනක්ද තිබු බව කියවේ. වලව්වේ මැද කොටසට
සම්බන්ධ වන කොටසේ මනරම් ලියවැල් හා බොරදම් කැටයම් දක්නට ලැබේ. ඇතුළු පවුර
"පහන්පවුර "නම් වන අතර එහි අලංකාර පහන් කුටි රුසක් ඇත. එමෙන්ම වලව්වට ජල
පහසුව සැපයු සිසිල් ජලය පිරි ළිඳද පිඟන් ගඩොල් අතුරා ඇති නාන ගෙයි
නෂ්ටාවශේෂද, වසර සිය ගණනක් පැරණි වලව්වේ ජීවත් වු මහා
රදළවරයාගේ පෞරුෂත්වය නොසඟවා හෙළි කරන්නේ අභිමානයෙනි.
මඩුවන්වෙල වලව්ව ඵෙතිහාසික වශයෙන් වැදගත් වන්නේ එහි නිර්මාණකරුවා
ගෘහනිර්මාණ ශිල්පයේ ලා දැක්වු මහඟු ප්‍රතිභාව නිසාමය. වලව්වේ සෑම බිම්
අඟලක් පාසාම එම කුසලතාව ප්‍රකට වේ. ඒ අතර විශිෂ්ටතම නිර්මාණ රැසකි. ඒ
සියල්ලම එක හා සමාන වැදගත්කමක් උසුලන අතර වර්තමාන දෙස් විදෙස් සංචාරකයින්ගේ
සිත් ඇද බැඳ තබා ගැනීමට සමත් වී ඇත. ඉතා විශාල වලව් මිදුලේ ඉදිකර ඇති වතුර
මල සහිත ජල තටාකය ඉන් ප්‍රධාන වේ. අඩි 3ක් පමණ උස් ශක්තිමත් කළු ගල්
වේදිකාවක ඉදිකළ වලව්වට ඇතුළු වීමට දොරටු තුනකි.ඒවායේ පියගැට පෙළ පාමුල අලි
ඇත් රූප සහිත සඳකඩපහණ දක්නට ලැබේ. ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වු පසුව මහ
බංගලාව නම් ආලින්දයට පිවිසෙන අතර එහි මඩුවන්වෙල දිසාවේගේ ජීවමාන ස්වරූපයේ
ඡායාරූපයක් දක්නට ලැබේ. ත්‍රිමානශිලී ස්වරූපයක් පෙන්වන මෙම ඡායාරූපයේ රාමුව
සියඹලා හා කනමැදිරිය ගස්වල අරටුවෙන් කළ සියුම් කැටයම්වලින් සමන්විතය. ඉතා
මනරම් ලියවැල්,බොරදම් හා කුඩා තොරණක්ද මෙම රාමුවට අයත් වේ. රටේ මහත්තයාගේ
ඡායාරූපය පසෙක ඔහුගේ දෙවන බිරිඳ වු කලවානේ කුමාරිහාමිගේ ඡායාරූපයක් දක්නට
ලැබේ. මීට අමතරව මහ බංගලාව නම් කාමරය තුළ ඇත්තේ කළු ගලින් කරන ලද පැන්තාලියක් , කළු ගලින් කළ පුටුවකුත්, කැසිකිලි ගලක්, ගව හිසක් හා නාන කාමරයක සුන්බුන් පමණි
No comments:
Post a Comment